Colombo Today Local News

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්‍රෑම් අටක් බරැති රත්‍රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී සොයා ගෙන තිබේ.

වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බෝට්ටුව නවත්වන ලෙසට නියෝග කළ ද සැකකරුවන් අණ නොතකා පළාගොස් ඇත.

අනතුරුව වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩිතැබීම් හමුවේ සැකකරුවන් බෝට්ටුව අතහැර පළගොස් තිබේ.

එලෙස හැරගිය බෝට්ටුවේ තිබී අදාළ රත්‍රං තොගය සොයාගැනීමට හැකිව ඇත.

පසුව අත්අඩංගුවට ගත් රත්‍රං තොගය අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් දකුණු ඉන්දීය රේගු කාර්යාලය වෙත යොමු කොට ඇති බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin