Colombo Today Local NewsHot News

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

වවුනියාව කොක්එළිය පළාතේ ඉදි කොට ඇති නව නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව තුල දී අද දින (24 වෙනිදා) විරෝධතාවක් පල වී තිබේ.

උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් සිංහල ජනාවාස ඉදිකිරීම සිදු කරණ බවට චෝදනා එල්ල කරමින් මේ විරෝධය ඉදිරිපත් කොට ඇත්තේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ සර්වේස්වරන් මන්ත්‍රීවරයා විසිනුයි.

උතුරු පළාත්සහා සභාපතිවරයා ඉදිරියට ගොස් සර්වේස්වරන් මන්ත්‍රීවරයා විරෝධය පල කළ අවස්ථාවේ දී තවත් මන්ත්‍රීවරු රැසක් කෑ කෝ ගසමින් ඔහුට සහයෝගය දැක්වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වී ජයතිලක පැවසීය.

යුද අනාථයින් යළි පදිංචි කිරීමේ දී මෙන්ම බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදි කිරීමේ දී සහ යුදහමුදාව ස්ථාන ගත වීමේ දීද උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් යොදාගැනීම සම්බන්ධයෙන් සර්වේස්වරන් මන්ත්‍රීවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සරත්චන්ද්‍රසිරි විතානගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ මෙම නිවාස පනස්එක ඉදි කොට ඇත්තේ දෙමල හෝ සිංහල ජනතාවට අයිති ඉඩම් වල නොව රජයට අයිති ඉඩම් වල වන අතර සංහිඳියාව හා සමගිය ඇති කිරීමේ අරමුණින් බවයි.

මෙම ගම්මානය සඳහා සිංහල පවුල් මෙන්ම දෙමළ පවුල් ද තෝරා ගෙන ඇති බව කී ලේකම්වරයා සුදුස්සන් තෝරා ගන්නා ලද්දේ නිසි ක්‍රමවේදයකට අනුව ඉල්ලුම් පත් කැඳවීමකින් බවද කියා සිටියේය.

දෙමළ තරුණියක් විවාහ කර ගත් සිංහල යුද හමුදා සෙබලෙකුද, ආරක්ෂක අංශයට එක්වූ දෙමළ තරුණියන් හයකට අයත් පවුල්ද, දරුවන් හත් දෙනෙකු සිටින පවුලක්ද මෙම ගම්මානයේ පදිංචි කරවීම තුළින් ජාතීන් අතර සංහිඳියාව මෙන්ම ජාතික සමගිය ඇති වන බව ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මස තුන් වෙනිදා වවුනියාවේ කොක් එළිය නව ගම්මානය විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

BBC සන්දේශය

Related posts

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin