Colombo Today Local News

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණ.

Related posts

ජනපති ‍හොද නෑ කිවාට 19 වන සංශෝධනය ඉතා හොදයි…

colombotoday

දඩය වැඩි නොකරන්න ජනපතිගෙන් පොරොන්දුවක් ! “අපි රැවටුණා.. වර්ජනය වැරදියි“ බස් සංගම් කියයි

colombotoday

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

colombotoday