Colombo Today Local News

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

මෙරට අග්‍රගන්‍ය කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වුවිශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මහගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය.

මියයනවිට ඇය 88 වන වියේ පසු වු තිදරු මවකි.

මහගමසේකර කලාකරුවාගේ නිර්මාණ දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය 1963 දි ඔහු හා විවාහ වි ඇත.

පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වු ඇය1962දි ගුරුසේවයට පිවිස අත්තේ මිරිගම ජාතික පාසල(එවකට මිරීගම මහා විද්‍යාලය)ය

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය ඇය සේවය කළ පාසල් අතරවේ.

සිය දූ දරුවන් ට මෙන්ම ආදරණීය ගුරුමාතාවක් වු ඇය සිංහල විෂය ඉගැන්වීමේ සහජ දක්ෂතාවයක් දැක්වුවෙකු ලෙස ද ප්‍රකටය.

දේහය24වන සිකුරාදා පෙරවරු 10.00 සිට බොරැල්ල ජයරත්න රෙක්ස්පෙටි මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර ආදාහන කටයුතු 25⁣ සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

Related posts

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday