Colombo Today Local News

අයවැය ලේඛනයේ එකම අරමුණ තිබෙන දේවල් විකිණීම

කොට්ට උරයක් අනිත් පැත්ත හරවන්නවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී කියා ඇතැයි ද කොට්ට උරේ දෙපාරක් අනිත් පැත්ත හැරවූ විට තිබූ පැත්තටම හැරෙන්නේ යැයිද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවර අයවැයත් කොට්ට උරය දෙපාරක් පැත්ත හැරෙව්වා වගේ බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

අයවැය ලේඛනයේ කොතැනකවත් ශක්තිමත් විදෙස් ආයෝජන ගෙන ඒම ගැන සැලැස්මක් නැතැයි ද එකම අරමුණ තිබෙන දේවල් විකිණීම යැයි ද දිසානායක මහතා කීය.

රාජපක්ෂවරුන්ට දේශපාලන විරෝධය තිබෙන්නේ යුද්ධය අවසන් කළාට නොව යුද්ධය අවසන් කොට රටට විශාල සුද්දයක් දීම නිසා බව කී දිසානායක මහතා ආර්ථිකය කඩා වැටෙන්නට ඒ සුද්දය කොතරම් ඉවහල් වුණා දැයි කිව හැකි බව ද සඳහන් කළේය.

Related posts

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

colombotoday

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

Admin

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday