ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි බන්දුල ප්‍රියන්ත ජයකොඩි නැමැති 55හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඇළ මාර්ගයට ඉහළින් ඇති බෝක්කු කණුව මත නිදාගෙන සිටියදී බෝක්කුව තුළට වැටි මෙම මරණය සිදුවී ඇති බව ඒ අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක තිබී එය නිරීක්ෂණය වූ බව පොලීසිය පවසයි.