Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

ක්‍රිකට් වගේම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අමාරු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9)දින පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවන බව පැවසූ හිටපු ජනපතිවරයා වසර විස්සකට පෙර සිට එහි දූෂණය ක්‍රියාත්මක වූ බවද සඳහන් කළේය.

රටේ හොරකම වැළැක්වීමට ශක්තිමත් නීති ගෙන ආ යුතු බවද ඔහු කීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි දුරටත් කියා සිටියේ….

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට එහාට දිව යනවා. දූෂණ වංචාව අද මේ රටේ තියෙන්නෙ ක්‍රීඩාවේ පමණක් නොවෙයි. අද රටේ හොරකම දුෂණය නැති තැනක් නැහැ.

මේ අය මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට. ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා. මේ රටේ කුඩුකාරයෝ පාතාල කාරයෝ වංචාකාරයෝ බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි. යනුවෙනි

Related posts

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday