Colombo Today Local News

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සා්ක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (02)දින එම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව මහතාට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී ඇත.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට චෝදනාව එල්ල වී තිබුණි.

Related posts

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

colombotoday

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්

colombotoday

මහින්දගේ ගෝලයන්ට අගමැති බැලුම්හෙළයි.. බිළිබාගන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday