පසුගිය ඔක්තෝබර් මස ශ්රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.
රේගු අධ්යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා සඳහන්කරන්නේ, මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවයි.
බදු රැස්කිරීමේ ක්රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටි.
මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.