5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට(28) සහ අනිද්දා(29) පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී පැවැත්වෙයි.
සමාජිකයන් 360ක් සහිත තරුණ පාර්ලිමේන්තුව දිවයිනම ආවරණය වන පරිදි මැතිවරණයකින් තේරී පත් වූ නියෝජිතයන් ගෙන් සමන්විතයි.
හෙට සහ අනිද්දා පැවැත්වෙන සිව් වන සැසිවාරයේ දී අයවැය පිළිබඳ තාරුණ්‍යයේ මතය හා යෝජනා සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව තරුණ සැලැස්ම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාව වැඩිදුරටත් සඳහන් කරයි.