Colombo Today Local News

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27) දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර, එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු ක‍ර ඇත.

මෙම පිරිස අද උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකු ද වන අතර මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටී.

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන්ය.

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කර ඇත.

Related posts

සහරාන්ට ඉන්දියාවට පැන යාම සදහා උදව් කර ඇත්තේ බදියුදීන්ගේ සොහොයුරා බව කොමිසමේදි යළිත් තහවුරු වෙයි

colombotoday

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

අරක්කු මිල ඉහළට?

colombotoday

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

පරවි සුදාගේ ගෝලයා රට පනින්න යද්දී මාට්ටු

Admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday