Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24)දින කරුණු වාර්තා කළේය.

ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර හරක් කටා සහ කුඩු සලිදු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

වසර 18කට පසු ලංකා සිතියම වෙනස් වෙයි.. දකුණ, නැගෙනහිර වෙරළේ වෙනසක්..

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday