Colombo Today Local News

කොණ්ඩයා නිරුවතින් වත්තකට පැන එළදෙනකට හදි කරන්න හදලා.. අල්ලන්න පොලීසියෙන් සොයයි

kondaya

ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුළු වී නිරුවතින් අශෝබන ලෙස හැසිරුනු බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තම ගෙවත්තට පැන එහි බැඳ සිටි එළදෙනක් අසල නිරුවතින් සිටි බවට ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ විශ්‍රාමික නාවික නිලධාරියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ පැවැත්වේ.

පොලිසිය පැවසුවේ ගෙවත්තේ තිබී දුනේෂ් ප්‍රියයශාන්ත ගේ බවට සැකකළ හැකි ඇදුම් කිහිපයක්ද සොයා ගැනීමට හැකිවී ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගොස් ඇතත් ඔහු පොලිසිය මගහැර නිවසින් පලාගොස් සිටින බවද පැවසේ.

Related posts

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල ඉහළට

Admin

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

colombotoday