ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්රදේශයේ පදිංචිව සිටි කෝෂිලා රොෂෑන් නමැති 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි.
ඇයගේ දෙමව්පියන් කියා සිටින්නේ, පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවයි.
මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව සඳහන් කරයි.
තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබේ.