Colombo Today Local News

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

කන්තලේ 96 ගල්මැටියාව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රි 8.45ට පමණ ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුව එම දුම්රියෙන්ම මෘත දේහය කන්තලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් කන්තලේ මූලික රෝහල වෙත භාරදී ඇත.

රෝහල් නිලධාරීන් පවසන්නේ, මියගිය පුද්ගලයා සමග තවත් කිහිදෙනෙකු සමග කුඹුරු වැඩ කර ඇති අතර, පසුව වැඩ නිමවී රේල්පාර මත වාඩි වී මැත්පැන් පානය කර ඇති බවත්ය.

පසුව සෙසු පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාට එම ස්ථානයේ නින්ද ගොස් ඇති බව ද වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්දයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

colombotoday

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin

අන්තවාදීන්ට උඩගෙඩි දි ආගමික ගැටුම් අවුලවා රටේ ප්‍රශ්න අමතක කරවීමටද යහපාලනය මේ සැරසෙන්නේ? – ජානිපෙ

colombotoday