Colombo Today Local News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ජාත්‍යන්තර රතුරුකුරුස සංවිධානයේ මෙරට නියෝජිතයින් විසින් වැඩිදුර තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී එම පුද්ගලයින් දෙදෙනා හඳුනාගැනීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයන් පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඇති අතර එම තොරතුරු ඊශ්‍රායලයේ රතු කුරුස සංවිධානය වෙත යැවීමෙන් අනතුරුව පුද්ගලයින් හඳුනාගැනීමේදී භාවිතයට ගැනීමට නියමිතව තිබේ.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

මේ අතර ගාසා තීරයට ආසන්නයේ සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මේ වනවිට රැඳී සිටින නිවාසවලින් ඉවත්ව ආරක්‍ෂිත වෙනත් නිවාස කරා රැගෙන යමින් සිටින බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊශ්‍රායලයේ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් 20,000ක පමණ මුදලක් වෙන්කර ඇති බවද ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඩොලර් 10,000ක මුදලක් අනුමත කර ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වුවහොත් ශ්‍රී ලාංකිකයින් සඳහා ආහාර පාන වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබාදීම සඳහාය.

Related posts

“රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා..” ජනපති ඉදිරියේ විමල් කියයි (VIDEO)

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

colombotoday