Colombo Today Local News

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

වෛද්‍යවරුන්ගේ විරෝධතාවය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට වෛද්‍යවරු විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර දැඩි ආරක්ෂාවක් ද යොදා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර සඳහන් කර සිටියේ, වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බවය.

Related posts

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday