හෙට (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, හෙට (07) දිනයේ කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 5.00 සිට ඉරිදා (08) උදෑසන 8 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.