මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට නොහැකි බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විටත් රජය බොහෝ සහනාධාර ජනතාවට ලබා දී ඇති බවත් පාරිභෝගික භාණ්ඩ දිය හැකි අවම මිලට ලබා දෙන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් හැමදා සහනාධාර දීමට බැරි බවත් රජයේ අරමුණ වන්නේ ජනතාවගේ ආදායම වැඩිකර වඩා හොද ජීවිතයක් ගත කිරීමට මාර්ගය විවෘත කිරීම යයිද මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කීය.