Colombo Today Local News

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

wimal 223

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපට උද්ඝෝෂණයක් සිදුකර මාර්ග අවහිර කළ බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 7දෙනෙකු ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

මීට අදාළව ලැබුණු නොතීසියකට අනුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනා අද(18) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.

Related posts

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

colombotoday

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

Admin

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

colombotoday