රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22)දින රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.
ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.