Colombo Today Local News

පැමිණිල්ලට ගිය බිරිදට පී.සී පොලීසියේදී පිහියෙන් අනින්න ගිහින්

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ගාල්ල නාගොඩ පොලීසියට පැමිණිලි කිරීමට ගිය කාන්තාවකටල පොලිස් ස්ථානය තුලදී පිහියෙන් ඇනීමට උත්සහ කළ පොලිස් කොස්තාපල්වරයකු සැමියා අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.

සැකකරු පිළියන්දල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.

පවුල් ආරවුලක් මත සැකකරුගේ බිරිඳ ඔහුට එරෙහිව පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව එය විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරු වන පොලිස් කොස්තාපල්වරයා ද කැඳවා ඇති බව පොලීසිය කියයි.

එහිදී බීමතින් පැමිණ ඇති සැකකරු පොලිස් ස්ථානය තුළ දී බිරිඳ සමග බහින්බස් වී ඇයට පිහියෙන් ඇනීමට උත්සාහ කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related posts

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday