Colombo Today Local News

සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සුල මුල හෙළි වෙයි – එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු 6ක් අත්අඩංගුවට

පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත රංජන් රණසිංහ නැමැති 36 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයා ට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.

ඝාතනය ලක් වු තරුණයා ට පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඇති බවත්, මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු ලැබී ඇත.

ඝාතනයට ලක්වු තරුණයා හා සැකකරුවන් හිතවත් පුද්ගලයන් බවත්, ඉකුත් 11 දින සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවද පොලිසිය පවසයි.

Related posts

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

මැතිවරණයක් කැදවීමට එරෙහිව 15 දා එජාපය කොළඹ වටලයි.. දැවැන්ත විරෝධතාවක්..

colombotoday

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

පැරණි නිල රථය තවමත් හොද තත්ත්වයේ.. රෝසි අලුත්ම සැප රියක් ගන්න යයි.. සේවකයන්ගේ දැඩි අප්‍රසාදය !

colombotoday