Colombo Today Local News

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම සිදුකරන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ, අදාළ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7)දින රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී කාරක සභාව නියෝග කර ඇත්තේ, එම ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

ව්‍යාජ ස්ටිකර් සමග මත්පැන් බෝතල් විකුණන අළෙවි සැල්වල බලපත්‍ර අහෝසි කරන ලෙස ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් එහිදී කාරක සභාවට දැනුම් දී ඇත්තේ, ව්‍යාජ ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි සංඛ්‍යාවක් සොයා ගත් බවයි.

ඒ අනුව, ඊට සම්බන්ධ එක් සමාගමකින් රුපියල් මිලියන 40කට ආසන්න දඩයක් අය කර ගත් බව ද සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් පවසයි.

කාරක සභාව උපදෙස් දී අත්තේ, මත්පැන් බෝතල්වල නිරවද්‍යතාවය හඳුනාගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදවුමක් කඩිනමින් හඳුන්වා දිය යුතු බවයි.

රුපියල් බිලියන 06ක හිඟ බදු මුදල් ගෙවීමේ සැලසුමට අනුව අදාළ මත්පැන් නිශ්පාදනාගාර බදු නොගවන්නේ නම්, ඔත්තොම්බර් 30වන විට එම නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසි කරන ලෙසට ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

Related posts

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin

“නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රටේ සතුරෝ.. මේක සැබෑ එජාපය නෙවෙයි” – ජේ.ආර් ගේ මුණුබුරා ව්‍යවස්ථාව ගැන කතා කරයි

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පාලනයට නව සමාගමක්

colombotoday