Colombo Today Local News

මහින්ද පිළේ ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්!

jops

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පසුගිය රජයේ ඇමතිකම් දැරූ ප්‍රබලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව සහ විශේෂ මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් පසුගිය රජයේ ප්‍රබලයන් රැසකගේ වංචා හා දුෂණ පිළිබද මුලික පරීක්ෂණ අවසන් කොට ඇති බවත්, ඔවුන් අතරින් බොහෝ දෙනෙකු පසුවන්නේ අත්අඩංගුවට පත්විය හැකි මට්ටමක බවත් ඒ අනුව රජයට එරෙහිව ක්‍රියාත්මක වන දේශපානඥයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීම කඩිනම් විය හැකි බවට තොරතුරු ලැබී ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට සැලසුම් කල නව පක්ෂයේ කටයුතුද ඇනහිට ඇති බව සදහන්.

ඇතැම් මුල්‍ය වංචා පිළිබද චෝදනා සැකකරුවනට ඇපදිය නොහැකි මට්ටමේ ඒවා බවද පැවසෙනවා. ඒ අනුව අදාළ නායකයන් අත්අඩංගුවට පත්වුවහොත් නව දේශපාලන පක්ෂයක් සැදීම කෙසේවෙතත් ඔවුන්ගේ දේශපාලන ගමන පවා අහෝසි විය හැකි බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

Related posts

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

රතු කුරුස සංවිධානයේ මහලේකම් සහ අගමැති අතර හමුවක්

colombotoday

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday