BusinessColombo Today Local News

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

ඉංග්‍රීසි පුවත්පත් පාඨකයන් අතර ආර්. එම්. බී. .. නමින් ජනප්‍රිය ආර්ථික විද්‍යාඥයකු හා ලේඛකයකු වන ආර්. එම්. බී. සෙනානායක නව බදු සංශෝධන සමඟ කරළියට ආ යහපාලනයේ ඉදිරි ආර්ථික සැලසුම හා වර්තමාන මූල්‍ය දුෂ්කරතාවයගැන විග්‍රහයක පෙළෙයි.

කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥයකු ලෙස ද ප්‍රකට ඔහු ඇමරිකාවේ චසඑඑsඉමරඑය සරසවියේ සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පෙළ උපාධිකාරියෙකි. මහා බැංකුවේ අය වැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ, ආහාර කොමසාරිස්‌, වවුනියා දිසාපති ඇතුළු උසස්‌ රාජ්‍ය තනතුරු ගණනාවක්‌ හා පෞද්ගලික අංශයේ මූල්‍ය සමාගම් ගණනාවක ද ඉහළ තනතුරු හෙබවීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බාර දෙන රටේ ඉදිරි ආර්ථික සැලසුම ආර්ථික හා සමාජ මෙන්ම ප්‍රබල, දේශාපාලන අර්බුද ගණනාවක්‌ නිර්මාණය කිරීමට බාගදා හේතු විය හැකි බවට ඔහු මෙම සාකච්ඡාවේදී අනතුරු අඟවයි.

වැට්‌ බද්ද, ආදායම් බද්ද හා ජාතික ගොඩනැඟීමේ බද්ද ඇතුළු නව බදු සංශෝධන ආණ්‌ඩුවෙන් ඉදිරිපත් වී තිබේ. විපක්‍ෂයේ විරෝධතා හා විවේචන ද, ජනතා මැසිවිලි ද ආණ්‌ඩුවට එල්ල වන්නට පටන් ගෙන තිබේ. ජනතාවට සහන දෙන්නට පොරොන්දු ගණනාවක්‌ දී බලයට ආ ආණ්‌ඩුව ඒ වෙනුවට ජනතාව පිට බදු බර පටවන බව විපක්‍ෂය චෝදනා කරයි.

යහ පාලන ආණ්‌ඩුව උග්‍ර මූල්‍ය දුෂ්කරතාවක එරී අය වැය හිඟය පියවා ගන්නට තබා එදිනෙදා වියදම් ඇතුළු ජංගම ගිණුමවත් පියවා ගන්නට අපහසු තැනට පත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැම හැර වෙනත් විකල්පයක්‌ නැති නිසා එහි කොන්දේසි ඉටුකරන්නට ආණ්‌ඩුවට සිදුව තිබේ. මේ නව බදු සංශෝධන එහි එක්‌ පියවරකි. අධික සහනාධාරවලට ජා. මූ. අරමුදල කවදත් එතරම් කැමැති නැති බව ප්‍රකටය. එහෙත් ඉස්‌සර මෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවලට ආර්ථික කොන්දේසි දැන් මූල්‍ය අරමුදල පනවන්නේනැත. මන්ද දේශපාලන අර්බුදවලට එවිට හේතු වන බැවිනි. එසේ වුවත් තවත් නව බදු ද,බදු වැඩි වීම් ද මෙතෙක්‌ ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් බොහොමයකට කණකොකා හඬන්නට ද බොහෝ දුරට ඉඩ ඇති බව නම් පැහැදිලිය. මුදල් ඇමැතිටත්, අගමැතිටත් ආණ්‌ඩුව මූල්‍ය අර්බුදයක සිටින බව ප්‍රසිද්ධියේ කියන්නට අකමැතිය. එහෙත් ගයන්ත කරුණාතිලක යතුරුපැදි ප්‍රශ්නය සම්බන්ධ කතා බහේදී මාධ්‍යකරුවන්ට කීවේ ආණ්‌ඩුව උග්‍ර මූල්‍ය දුෂ්කරතාවක සිටින බවය.
දේශීය බදු මගින් දේශීය භාණ්‌ඩවල හා සේවාවල මිල වැඩිවන අතර, ජීවන වියදම වැඩි වීමට ද හේතු වේ. එවිට දේශීය නිෂ්පාදන අඩපන වෙමින් රැකියා අවස්‌ථා අඩුවීමට බලපායි. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය නම් විදේශ ආයෝජකයන් මෙරට කර්මාන්ත හෝ සේවා පාදක ආයෝජනයක්‌ව පසුබට වීමය. දැනටමත් විදුලිය, ප්‍රවාහන ගාස්‌තු, ජල ගාස්‌තු අපේ රටේ වැඩිය. එය ආයෝජනවලට දේශීය විදේශීය වශයෙන් සෘජු ලෙස බලපා තිබෙන බව අප පිළිගත යුතුය. ඒ ඒ භාණ්‌ඩවලට බදු පනවන්නේනම් මිල වැඩිවන්නේ ඒ භාණ්‌ඩය පාවිච්චි කරන්නා පමණය.ව බදු වැඩිවීම තුළ ඒ වාසි තත්ත්වය ද දක්‌නට ඇත.

දේශීය නිෂ්පාදන අතින් ශ්‍රී ලංකාව ඉතා දුර්වල තැනක බව අපි දනිමු. ඒ නිසා ඇත්ත කිවහොත් 90% පමණ අප පාවිච්චි කරන පරිභෝජන භාණ්‌ඩ සැපයෙන්නේ විදේශයන්ගෙනි. ලෝක වෙළෙඳපොළ තුළ අද තෙල් මිලේ සිට හැම භාණ්‌ඩයකම මිල අවපාතයකට ලක්‌ වී ඇත. ඒ නිසා අඩු මුදලකට විදේශ භාණ්‌ඩ සැපයීම හා මිලදී ගැනීම ආර්ථිකයේ අනිවාර්ය ලක්‍ෂණයක්‌ වී තිබේ. සීනි, කිරිපිටි, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර හැර ආනයනික අනෙක්‌ භාණ්‌ඩවලට වැට්‌ බදු පැනවීම නොකර ලිහිල් බදු මත ආනයන පවතින්නට ඉඩ හැරීමේ වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයි අප අත් විඳින්නේ. උදාහරණයක්‌ ලෙස ඇපල්, දොඩම්, මුද්දරප්පලම් සඳහා කොතරම්බදු අයකර ගත හැකිද. අධි සුඛෝපභෝගී භාණ්‌ඩ ද එසේමය. රෙදිපිළි ආනයනය රජයට අදාළ බදු වංචා හා අධික පාඩුවක්‌ ගෙන දෙන ආනයනයන් ය. ආණ්‌ඩුවබදු පනවන්නේ හරියටම ඇස්‌ වසාගෙන අලියාට ඇහැ තබන්නට යන පොඩි දරුවෙකු මෙනි.

මෙසේ ආනයන අධික වීම අපට දැරිය හැකිද, රට උග්‍ර විනිමය හිඟයක පවතී. පිටරට ගියකුන් එවන රුපියල් බිලියන දහයක පමණ මුදල නැත්නම් අප කපෝතිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ගැන විහ්වාසයක්‌ නැති නිසා විදේශ ආයෝජකයන් කොටස්‌ වෙළෙඳපොළෙන් ඩොල්ර් මිලියනයක්‌ පමණ ඉවත් කරගෙන ගොස්‌ ඇත. මෙසේ විදේශ භාණ්‌ඩ අධික ආනයනය නිසා ඇතිවන වෙළෙඳ ශේෂ හිඟය පියවන්නේ කෙසේද?2014 අය වැයේ එම ගෙවුම් ශේෂ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.9% කි. ඩොලර් මිලියන 8287 කි. ආණ්‌ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසන්නට වී ඇත්තේ මේ අර්බුදවලට විසඳුමක්‌ නැති නිසාය. අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා පැවසුවේ කුමක්‌ද? මූල්‍ය අරමුදල වෙතින් ණය මුදලක්‌ ලබා ගැනීම පමණක්‌ නොව අලුත් බදු ක්‍රමයක්‌ සඳහා උපදෙස්‌ ලබා ගැනීමට සාකච්ඡා කරන්නට ද යන බවය. මෙම නව බදු කෙසේ කවර ලෙස ඉදිරිපත් වේද?. අනිවාර්යයෙන් සහනාධාර කප්පාදුවකට, භාණ්‌ඩ මිල වැඩිවීම් රැසකට හේතුවන බව නම් පැහැදිලිය. එසේ නැතිව අය වැය හිඟය අඩු කර ගන්නට රජයට නොහැකි නිසා ය.

බලයට එන්නට පෙර දුන් තුරුපහේ දේශපාලන පොරොන්දු බලයට ආ විට ඉටු කරන්නට නොහැකිව හැම ආණ්‌ඩුවකටම තරු පෙනීම අප දන්නා පුරුදු දෙයකි. වර්තමාන ආණ්‌ඩුවට වී ඇත්තේ ද එයම නොවේද? රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000/} කින් වැඩි කිරීම, රබර් කිලෝවකට රුපියල් 350/} ක සහතික මිලක්‌, වී සඳහා රුපියල් 50/} ක සහතික මිලක්‌, යතුරුපැදි සඳහා රජයේ සේවකයන් ගෙවූ රුපියල් 350/} ට අඩු මුදලට ලබාදීම ඉන් කිහිපයකි. අවුරුදුÊපහ තුළ රැකියා දසලක්‍ෂය එක්‌ පොරොන්දුවකි. අද සමෘද්ධි සහනාධාරය මාස දෙක තුනකින් ගෙවා නැති අතර, නැවත සහනාධාර ලබන්නන් ගැන සමීක්‍ෂණයක්‌ අරඹා තිබේ. වී මිල අඩුව තිබේ. පොහොර රුපියල් 350/}ට වත් නැත. ගොවියෝ ඇමැතිවරුන්ගේ ගෙවල් වටළති.

රජයේ ආදායම ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2000 වසරේදී 17.2 වූ එම ආදායම 2014 වසර වන විට 14.9 දක්‌වා පහත බැස තිබේ. එදිනෙදා ගෙවීම් වියදම් සඳහා වන ජංගම ගිණුමේ හිඟය රුපියල් මිලියන 8282 කි. ආණ්‌ඩුවට අතපයවත් ගලවා ගත නොහැකිව හිර වී ඇති යෑයි මින් පෙනේ.

වර්තමාන යහපාලන ආණ්‌ඩුව බලයට පැමිණි වහාම කළේ භාණ්‌ඩ වර්ග 14 ක පමණ මිල අඩුකරලීමය. කොත්තමල්ලි අය වැය යෑයි එදා කීවේ ඊටය. එසේ භාණ්‌ඩ අඩු කිරීමට අවශ්‍යතාවයක්‌ තිබුණේද? එසේම තවත් බදු ලිහිල් කරන ලදී. දේශපාලන වශයෙන් මහින්දට වඩා අප ජනතාවට ආදරේ හා පණ දෙන බව පෙන්වන්නට ය. මුදල් ඇමැති රවි කරුණානායක මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ මේ යහපාලන ආණ්‌ඩුව සිටින්නේ ජනතාවගේ ආදායම් වැඩිකර ගැනීමේ තුන්වේල හොඳට කන්නට බොන්නට හැකි තැනකට ගෙන ඒමේ උත්සාහයක බවය. අද වී මිල අඩු කිරීම් කෙසේද කියා නැත.

මහින්ද රාජපක්‍ෂ සහනාධාර දිගින් දිගට සැලසූ බව ඇත්තය. රස්‌සාවල් දුන්නේය. පාරවල් පාලම් හැදුවේය. ඔහු උද්ධමනය වැඩි වන්නට නොදී රට කළේ කෙසේද?. චීනයෙන්, ධනවත් අරාබි රාජ්‍යයන්ගෙන් ඔහුට මුදල් හා ණය ආධාර ලැබුණි. යහ පාලන ආණ්‌ඩුව මුළු ලෝකයම තම මිතුරන්යෑයි උඩජාරුවට කීවත් මුදල් ආධාර ණය දෙන්නට කෙනෙකු නැහැ. ඉන්දියාවට මුදල් නැත. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශ ආර්ථික ගොහොරුවල එරී ඇත. මේ ආණ්‌ඩුව කළ ලොකුම මෝඩකම ධනවත් චීනය හා අරාබි රටවල් ඈත් කිරීමය. චීනයේ හෝ අරාබි රාජ්‍යවල ණය වලට කොන්දේසි නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ ඉදිරියේ ආර්ථික අසීරු කාලයක්‌ වෙත්ම එමගින් දේශපාලන අර්බුද ද මතුවීමට බොහෝ සේ ඉඩ ඇති බවය. සෑම දෙයම නිකං දෙන සහනාධාර වැඩිකරන ආර්ථිකයකින් රටක්‌ දියුණු නොවේ. එය හැමදාම කළ නොහැකිය. මහින්දගේ ආර්ථික සැලසුම් රටට අනාගතයට දිගු කාලීනව ගැලැපෙතැයි මම නම් නොසිතමි. ළඟදීම නව ආර්ථික සැලැස්‌මක්‌ රට වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේ අපට මතකය. මා සිතන ආකාරයට එම සැලැස්‌මේ වැඩිම නිර්මාණකරුවා මිය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය.

ගෝලීයකරණය කියමින් පිටරටින් එන ආර්ථික උපදේශකයන් සැලසුම්කරුවන් ඉදිරිපත් කරන ආර්ථික වැඩසටහනක්‌ ශ්‍රී ලංකාවට ගැලපේ දැයි නැද්දැයි කිසිසේත් සොයා බැලීමක්‌ නැති බවට මම චෝදනා කරමි. මුළු ලොවම ගෝලීයකරණයට අසුව ඇතැයි යන්න ඇත්තය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක්‌ හෝ ඉන්දියාව වැනි රටක්‌ හෝ ගත් කළ ආර්ථික, සමාජ හා දේශපාලන සංස්‌කෘතිය පසුබිම තුළ යම් දේශීය අනන්‍යතාවක්‌ ඇත. විදේශ ආර්ථික සංවිධාන හා උපදේශකයෝ එය අමතක කරති. අපේ අයද එය ගෙඩි පිටින් බාර ගන්නට සුදානම් ය.
දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම යනු රටේ විදේශ විනිමය වර්ධනය, ඉතුරුම, රැකියා වර්ධනය හැම පැත්තම නංවන්නකි. එහෙත් හැම ආණ්‌ඩුවක්‌ම යහපාලන ආණ්‌ඩුව ද බලන්නේ අපේ ගැහැනු පිටරට වළං හෝදන්නටද, අගනා තරුණ පිරිස්‌ ශ්‍රමය කොරියාවේ නැව්වල මළකඩ හූරන්නට යෑවීමෙන් විනිමය උපයා ජීවත් වන්නටය. ස්‌වයං රැකියා විෂයය ආගිය අතක්‌ නැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රට බාරදෙන දවස ළඟය.

සාකච්ඡා කළේ – සුනිමල් ජයසූරිය

Related posts

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

පකිස්ථානයේ ගැටුම් ඇවිලෙයි. | ඉස්ලාමීය දේශපාලන පක්ෂයකුත් තහනම් කරයි. | ප්‍රංශ ජාතිකයන්ට පකිස්ථානය අවදානම් බව නිවේදනය කරයි.

colombotoday