Colombo Today Local News

ජාතික පුෂ්පයටත් වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

Manel

මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූ නිල් මානෙල් මල වෙනුවට මානෙල් මල යොදාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ,විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කර ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බවය.

නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන් වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද හටගත්හ.

එහිදි පරිසරවේදින් පෙන්වා දුන්නේ ජාතික පුෂ්පය ලෙස නම්කර ඇති නිල් මානෙල් මල වැරදි ලෙස ඡායාරූපයට නගා ඇති බව ය.

ඒ අනුව, නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති අතර සුදු හා ලා නිල් පැහැයෙන් යුත් පෙති වලින් සමන්විත එම මල වියලි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.

ශ්‍රී ලංකාවට අවේණික මානෙල් මලෙහි රේනු සංඛ්‍යාව ද අඩු බව පත්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ය.

ඇය පැවසුවේ මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරිම සදහා පුළුල් වැඩ සටහන් සකස් කරන බව ය.

Related posts

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මාධ්‍යස්ථානයක් වෙලා – ඇමති සාගල

colombotoday

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන 7ක් ලංකාව තහනම් කරයි

colombotoday

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

Admin