Colombo Today Local News

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

ලයිට් කැපුවයි කියන මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්නකො මාසික ආදායම කීයද කියලා, පිං පෙට්ටියේ ආධාර මුදල් ලැබෙන්නේ නැද්ද? ආලෝක පූජාවේ සල්ලි කෝ? කියලා, ලයිට් කැපුවා කියන එකට වඩා ඇයි ලයිට් කපන්න වුණේ කියලා හොයන්න ඕන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

පසුගියදා මිහින්තලා රාජ මහා විහාරයේ විදුලි කපා දැමීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

“මාධ්‍යයෙන් අහන්නකෝ හාමුදුරුවන්ගේ මාසික ආදායම කීයද? විදේශ ආධාර කීයක් ලැබෙනවාද කියලා, විදුලිය කැපුවා කියන එක කියන්නේ නැතිව කපන්න හේතුවත් කියන්න එපැයි. ඇයි මුදල් ලැබෙන්නේ නැද්ද? ආධාර ලැබෙන්නේ නැද්ද? දහස් ගණනක්, ලක්ෂ ගණනක් මිහින්තලය වඳින කොට පිං පෙට්ටිය කවුරුත් පඩුරු දාන්නේ නැද්ද? විදේශිකයෝ ආවම ආධාර දෙන්නේ නැද්ද?

මිහින්තලය ගත්තත් ලංකාවේ තියෙන ප්‍රධාන සිද්ධස්ථාන ගත්තත් වැඩිහරියක් මේ සිද්ධස්ථාන සංවර්ධනය කරලා තියෙන්නේ ආණ්ඩුවෙන්, අටමස්ථානයේ වැඩිම සංවර්ධනයක් කරලා තියෙන්නේ ආණ්ඩුවෙන්, රථ ගාල, ආවාස ගේ වගේ ගොඩක් තැන් ආණ්ඩුවෙන් සංවර්ධනය කරලා තියෙනවා.

ඒ වගේම විශාල ධානපතියෝ උදව් කරනවා, මේ වගේ සිද්ධස්ථාන වලට ආණ්ඩුවෙන් ආශිර්වාදයත්, සහයත් තියෙනවා, ඒ වගේම ධනවතුන්, පිංවතුන් බොහෝ දෙනෙකුත් උදව් කරනවා. ඒ නිසා ලයිට් කැපුවා කියන එකට වඩා ඇයි ලයිට් කපන්න වුණේ කියලා හොයන්න ඕන.

මේ මාසේ ලයිට් බිල ලක්ෂ 05 යි කියමුකෝ, මේ මාසේ ආදායමක් නැති වෙන්න පුලුවන් ලක්ෂ 05 ක් හැබැයි ගිය මාසයේ ආදායම කීයද? පොසොන් එකේ ආදායම කීයද? මේක අපි විවෘතව කථා කරන්න ඕන දෙයක් නෙමෙයි. හාමුදුරුවෝ බලාගන්න ඕන දෙයක්. උදව්වක් ඕන නම් ඉල්ලනවා මිසක්. අපි බෞද්ධයෝ විදිහට සියලුම සිද්ධස්ථාන වන්දනා කරන්න යනවා, ඒකේ ආධායම කීයද? වියදම කීයද? විදේශිකයින්ගෙන් ආධාර කොච්චර ලැබෙනවාද? සාමාන්‍ය ජනතාවගෙන් ආධාර කොච්චර ලැබෙනවාද? පිරිකර කීයක් ලැබෙනවාද මේවා අපි හොයන්න යන්නේ නෑ, ඒක අපේ රාජකාරියක් නෙමෙයි.

හැබැයි යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් අපෙන් උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව අපි කරනවා. බෞද්ධයෝ විශාල වශයෙන් සිද්ධස්ථාන වලට උදව් කරනවා.

ලයිට් බිල වැඩියි කියලා සමහර ස්වාමීන් වහන්සේලා කිව්වා. හැබැයි බොහෝ සිද්ධස්ථාන වල අලෝක පූජාවට කියලා මුදල් එකතු කරනවා. ආලෝක පූජාව කියන්නේ චෛත්‍යයට ලයිට් දාන එක නෙමෙයි. අහිංසක දුප්පත් ජනතාව වුණත් ටිකට් එකක් අරගෙන ආලෝක පූජාවට උදව් කරනවා.” යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Related posts

“අපි ඔක්කොම ලාංකිකයි, එක මවකගෙ දරුවො කියන්න බෑ” – විග්නේෂ්වරන් වෙන් වෙන්න තව පොටක් හොයයි

colombotoday

සති 2ක් තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000කට වැඩි පිරිසක් අත්අඩංගුවට

colombotoday

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි | කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති.

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday