Colombo Today Local News

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද(16) අලුයම කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මැදගෙදර මාලදොල හල්දුම්මුල්ල පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ පොඩිමැණිකේ නමැති හැට හැවිරිදි දෙදරු මවකි.

සිය කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක් අත්වැරදීමකින් ඇල්ලීමට ගොස් මෙම කාන්තාව විදුලිය වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

Related posts

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

colombotoday