Colombo Today Local News

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නැහැ

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබේ.

ඒ, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත 2024 වසරේ අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා වන මාර්ගෝපදේශන මාලාවට අදාළ චක්‍රලේඛය නිකුත් කරමිනුයි.

ඒ අනුව, මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කර දිය යුතු බවටද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම්දී තිබේ.

ලබන වසරේ දී රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ හා උපාංග මිලදී ගැනීම හැකිතාක් සීමා කළ යුතු අතර රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව සඳහන්.

මීට අමතරව සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පටිපාටි හා චක්‍රලේඛ මගින් දේශීය පුහුණුවීම් නියම කර ඇත්නම් පමණක් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

Related posts

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

colombotoday

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday