BusinessColombo Today Local News

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

cepetco

පසුගිය වසරේ මුල් මාස එකොළහ තුල ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි 132ක් පාඩු ලබා ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

ඩිසල් අලෙවියෙන් ලබන සුළු ලාභය ඒ පාඩුව පිරිමැසීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඇමැති චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

දෙසැම්බර් මාසයේ මිළ ගණන් පදනම් කොට ගත් කල ඩීසල් ලීටරයකින් උපයන ලාබය රුපියල් 17.13ක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඛණිජ තෙල් සංස්ථාවටත්, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමටත් පනවා ඇත්තේ ඒක සමාන බදු වීම ඊට හේතුව ලෙස ඔහු විසින් දක්වන ලදී.

මේ වනවිට ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන ඩීසල් බැරලයක් සඳහා ඇමරිකා ඩොලර් 48.80 ක්ද, පැට්‍රෝල් බැරලයක් සඳහා ඩොලර් 56.50ක් ද ගෙවන බව අමාත්‍ය වීරක්කොඩි හෙළි කළේය.

Related posts

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday