Colombo Today Local News

28 හැවිරිදි තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගනී

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියට පැන තරුණියක් අද (09) උදෑසන සියදිවි හානි කරගෙන තිබේ.

තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණිය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කළ අයෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, වසර 5ක කාලයක් පුරා හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඒ අනුව අද උදෑසන තමාව හමුවීමට පැමිණෙන ලෙස මියගිය තරුණිය විසින් තරුණයාට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී මෙලෙස දුම්රියට පැන ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.

තරුණියගේ සිරුර පෙම්වතා විසින් හඳුනාගෙන ඇති අතර, සිරුර පශ්චාර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලීසිය කියා සිටි.

Related posts

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday