Colombo Today Local News

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සිවිල් ගුවන් සේවා පනත (2010 අංක 14 දරණ) සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගගන නාවික සේවා සැපයීම සඳහා සේවා සැපයුම්කරුවන් වැඩි සංඛ්‍යාවකට ඉදිරිපත් වීමට හැකිවන පරිදි 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 6(3)(ඉ) වගන්තිය සංශෝධනය කිරීම සඳහා මාර්තු 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

colombotoday

විරෝධතා, උද්ඝෝෂණවලට එරෙහිව එජාපයෙන් ක්ෂණක ප්‍රතිචාර !!

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday