Colombo Today Local News

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව, වගා හානි තක්සේරු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව, අද (07)දින යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

ඇඹිලිපිටිය ගොවීන් සඳහා මේ වනවිට වේලිඔය ජලාශයෙන් යම් ජලය ප්‍රමාණයක් ලබා දෙමින් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ හරහා වගාවෙන් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday