Colombo Today Local News

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් අද (25)දින පොලිසියට ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.

ඊයේ (24) සවස් කාලයේදී කුඩා දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිඳුල පොලීසිය පවසයි.

මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යැවීමට පියවර ගන්නා බවත් ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා සඳහන් කරයි.

Related posts

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday