Colombo Today Local News

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

ඉතා රහසිගත ලෙස කළුගල් වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයෙන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සමඟ ඇමෝනියා කිලෝ 8යි ගෑම් 500ක් කලු කුඩු නොහොත් වෙඩි බෙහෙත් ගෑම් 444 ක් ඩෙටනෙටර් 45ක් වෝටර් ජෙල් කරල් 23 ක් විවිධ ප්‍රමාණවලින් යුත් සේවා නූල් කොටස් 14 ක් පොලිස් භාරයට ගෙන ඇත.

නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77780) සම්පත් නිලධාරියාට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.

Related posts

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

colombotoday

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday