World

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. 2035 වසරේ සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයක් සූදානම් වෙයි. මෙම තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට සමගාමීවය.

මේ වනවිටත් ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට ගගනගාමීන් රැගෙය යෑමට ‘ආටිමිස්’ නමින් චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. පිරිමියකු මෙන්ම ගැහැනියක ද සඳට පය තැබීමට නියමිතව ඇත්තේ 2025 වසරෙන් පසුවය. 2025 වසරෙන් පසු සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි.

ගුරුත්ව බලයක් නොමැති සඳ මතුපිට පාපන්දු තරගාවලියක් පැවැත්වුවහොත් එය අපූරු අත්දැකීමක් වනු ඇත. සඳ මතුපිට පා පන්දු තරගයක් පැවැත්වෙන අයුරු පෙන්වන පරිගණක ඡායාරූප පෙළක් ද මේ වනවිට ඉන්ජිනේරු තාක්ෂණ සමාගම ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ක්‍රීඩකයන් පස් දෙනකු බැගින් එක කණ්ඩායමකට යොදා ගැනෙයි. තරග පැවැත්වෙන්නේ මිනිත්තු 10 බැගින් තරගවාර 4 ක් බැගිනි. ගගන ඇඳුම් කට්ටලවලින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මිනිත්තු 20 බැගින් විවේක ගැනීමට අවස්ථාව ලබා දෙන බව ද පැවැසෙයි.

මීට අමතරව, පාපන්දු තරගයට විශේෂිත බෝලයක් ද නිපදවෙනු ඇති බවත්, එම බෝලය නිපදවීම සිදු කරන්නේ ‘නෙක්ස්ට් ජෙන් ඒරෝජෙල්’ සමාගමය. තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටිය සඳ මතුපිට නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ ලේසර් තාක්ෂණයෙනි.

තරගයේ විනිසුරුකරුවන් ‘හොලග්‍රෑම්’ තාක්ෂණයෙන් නිර්මාණය වන විනිසුරුකරුවන්ය. ගුරුත්ව බලය අඩු බැවින් සහ ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී එහෙට මෙහෙට විසිවන බැවින් ‘හොලග්‍රෑම්’ විනිසුරුකරුවන් යොදා ගැනීම සුදුසු යැයි පැවැසෙයි. රතු කාඞ්පත්, කහ කාඞ්පත් ප්‍රදර්ශය සිදුවන්නේ වර්චුවල් තාක්ෂණය හරහාය.

Related posts

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday