Colombo Today Local News

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

අද (18) උදෑසන මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී රෝදයක් මාරු කිරීමට නවතා තිබූ බස් රථයක කැබ් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

කැබ් රථය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගමන් කරමින් තිබිය දී එලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කැබ් රථයේ සිටි පස්දෙනෙකු තුවාල ලබා පානතුර රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරට හේතුව රියදුරුට නින්දයෑම බව වාර්තා වෙයි.

අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන එගොඩ උයන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට

colombotoday

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday