Colombo Today Local News

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ (16) රාත්‍රී තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව, ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවක් නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු සමඟ අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් තිබේ.

කෙසේවෙතත් රාත්‍රී 1න් පසුව අදාළ එළි දක්නට නොලැබුණ බවද නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව නාවික හමුදාව මේ වන විටත් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

colombotoday

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday