Colombo Today Local News

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

kotahena 322

කොටහේන බාබාර් වීදියේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ විසින් හෙළා දැක තිබෙනවා.

මහාශිව රාත්‍රී දිනයේ ආගමික කටයුතු කඩාකප්පල් කරමින් අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කොටහේන මුත්තුමාරි අම්මාන් කෝවිල නිරීක්ෂණය කිරීම සදහා බොදු ජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ඊයේ එහි ගොස් තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් බොදු ජන පෙරමුණේ සභාපති දිලන්ත විතානගේ මහතා සදහන් කළේ ආගමික නිදහස සීමා කළ බවට පසුගිය රජයට චෝදනා කරමින් බලයට පැමිණි යහපාලන රජය යටතේද අන්තවාදීන් කල්ලිවලට ක්‍රියාත්මක වීමට ඉඩ ලැබී තිබෙන බවයි. මෙම ස්ථානයේ මීට පෙරද මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් ආගමික ආරවුලක් ඇති කිරීමට කටයුතු කර තිබුණු අතර දේශපාලකයන් මැදිහත් වී එය විසදන බවට පොරොන්දු වූවත් තවමත් එය සිදු වී නොමැති බවද විතානගේ මහතා ප්‍රකාශ කරනවා.

හින්දු භක්තිකයන්ට ඉතා වැදගත් ආගමික දිනයක් වූ මහා ශිව රාත්‍රී දිනයේ ආගමික කටයුතුවලට බාධා කරමින් සිදුවූ අන්තවාදී ප්‍රහාරය තම පෙරමුණ හෙළා දකින් බවත්, මෙවැනි ක්‍රියාවලට එරෙහිව සහජීවනය අගයන සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවද එක්විය යුතු බවත් අවධාරණය කළ විතානගේ මහතා මේ සදහා මැදිහත් වී මෙම ගැටළුව විසදා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන්, පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සදහන් කළා.

 

 

Related posts

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

colombotoday

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීමට ජනපතිගේ නම විකුණයි

colombotoday

ඡායාරූපයේ කතාව !

colombotoday

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

colombotoday