Colombo Today Local News

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 39 හා 52 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය හා ග්‍රෑන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණ.

අත්අඩංගුවට ගත් රත්‍රංවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට ආසන්නයි.

මේ අතර රත්‍රං ග්‍රෑම් 814 ක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කටුනායක ගුවන් තොටුපෙළ්දී අත්අඩංගුවට ගෙන තිබේ.

38 හැවිරිදි කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

ද්‍රව තත්ත්වයට පත්කර ඇය එම රත්‍රං ග්‍රෑම් 814 නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කර තිබේ.

Related posts

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

colombotoday

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

Admin