Colombo Today Local News

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු කළමනාකරු ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

බරපතළ තුවාල ලද කළමනාකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඊයේ (5) රාත්‍රී අවන්හල තුළ බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි.

29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

colombotoday