ඇමරිකාවේ වොෂිංටන් නුවර සාම ආයතනයේ පැවැති දේශනයට සහභාගිවූ ඊළාම්වාදියකු වු ශාන් නැමැත්තා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරන ලෙස විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටීමේ සිද්ධීsයක් වාර්තා වේ.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති විදේශ ඇමැතිවරයා හමුදාවේ ශක්තිය අඩුකර ඇතැයි පවසා තිබේ.
උතුරු නැගෙනහිර හමුදාව රැඳී සිsටීම නිසා ද්‍රවිඩ ජනතාව අතර බියක් පවතින්නේ යයි දන්වමින් මොහු සාවද්‍ය ප්රකාශයන්ද කර ඇත.
වොෂින්ටන් නුවර පදිංචිකරුවන් වූ ශාන් සහ තවත් ඊළාම්වාදීන් කිහිප දෙනකු මෙකි රැස්වීමට සහභාගි වී තිබේ.
අපි ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන අටක හා ඩයස්පෝරා ක්‍රියාකාරින් 200 කගේ තහනම ඉවත් කළා යයි සමරවීර මහතා මෙම රැස්වීම අමතමින් කියා සිටියේය.
කීර්ති වර්ණකුලසූරිය