Colombo Today Local News

හිටපු රාජ්‍ය ඇමැති විජයකලා අනතුරකින් දැඩි සත්කාර ඒකකයේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලද මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරිය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ මන්ත්‍රීවරිය සමග මෙහෙකාරිය තවත් පුද්ගලයකු මෙහි සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ බරපතල අලාභ සිදු වී ඇත.

මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එච් එම් රාජකරුණා මහතා පරීක්ෂණ පවත්වයි.

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday