Colombo Today Local News

ජපානය බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි කටුනායකට ගොඩබස්වයි

කටුනායක සිට ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා ඊයේ (28) රාත්‍රියේ පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

ගුවන්තොටුපොළ කාර්ය භාර කළමණාකාරවරයා සඳහන් කරන්නේ, යූ.එල්.- 454 දරණ එම ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් එලෙස යළි කටුනායකට පැමිණ ඇති බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 301 දෙනෙකු සමග රාත්‍රී 8.20ට ගුවන්ගත වූ යානය පැය 2 යි විනාඩි 25 ක කාලයකට පසු නැවත ගොඩ බස්වා ඇත.

ගුවන් නියමුවා විසින් එම තීරණය ගෙන ඇත්තේ, ගුවන් යානයේ රෝද පද්ධතියේ ඇකිළීම නියමිත පරිදි සිදු වන බව පරිගණක පද්ධතියේ නොපෙන්වීම හේතුවෙනි.

අදාළ යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කාර්යය භාර කළමනාකරු පවසයි.

Related posts

S&P මෙරට දිගු කාලින ණය ශ්‍රේණිගත කිරිම් පහත හෙළයි.. එය ආසාධාරණ ක්‍රියාවක්.. මහ බැංකුව කියයි

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : ප්‍රකාශ සටහන් කර ගත් දුලාංජලී රටෙන් යයි

colombotoday

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

Admin

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday