දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28)දින පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අදාළ යෝජනා ලබන සිකුරදා මුදල් කාරක සභාවට ද ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පවසයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද මින් අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයකට බලපෑමක් නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා පවසයි.