Colombo Today Local News

ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටු

ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 දෙනෙකු ගජමුතු දෙකත් සමග මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට ලැබුන බුද්ධි තොරතුරකට අනුව සැකකරුවන් මහනුවර දෙවැනි සිංහ රෙජිමේන්තුවඉදිරිපිට රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, අලව්ව සහ තලාතුඔයප්‍රදේශවල පදිංචිකරුවන් වන අතරඔවුන් වයස අවුරුදු 33-23 අතරවයසේ පසුවන අතර ගජමුතු දෙක අනුරාධපුරයේ සැකකරුට අයත් බව පොලිසිය කියයි.

සැකකරුවන් අද (27)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin