Colombo Today Local News

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහරාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන සිද්ධියකට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, මෙලෙස නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල විවෘතවිශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් අබ්දුල්ලා නමැති 23 හැවිරිදි තරුණයෙකි.

මොහොමඩ් සහරාන් යන අය ඉකුත් 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පවත්වනු ලැබූ අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරකට මෙම සැකකරු සභාගී වූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය කරගත් බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

Related posts

මිරිස්සේ හෝටලයකදී හයිබ්‍රිඩ් සුරංග තරුණියන් දෙදෙනකු සමග අල්ලයි

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday