Colombo Today Local News

මෙරට උද්ධමනය තවත් පහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මැයි මාසය සඳහා වන මෙරට උද්ධමනය පහළ ගොස් තිබේ.

ඒ අනුව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2023 අප්‍රේල් මාසයේදී 33.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මැයි මාසය සඳහා 22.1%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

මැයි මාසය සඳහා වන ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 15.8 %ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 27.6%ක් ලෙස වාර්තා වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආහාර කාණ්ඩය සළකා බලන විට අළුත් මාළු, එළවළු, සීනි, කුකුළු මස්, මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟුරු, සුදුලූනු, ලොකුලූනු, දෙහි, කරවල සහ ටින්මාළු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස මිලෙහි වැඩිවීමක් සහ අළුත් පළතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස්කුඩු, පොල්තෙල්, පාන්, බිත්තර, අමුමිරිස්, වියළි මිරිස්, කහකුඩු, කවුපි සහ රතුලූනු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් වාර්තා වී තිබේ.

Related posts

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday