Colombo Today Local News

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීතදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැව්රිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක්, ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

දුර්ලභ පඬු කරඳ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

colombotoday

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

colombotoday